වෙනිසියුලාවේ පාලනය අමෙරිකාව යටතට ගනී.!

වෙනිසියුලාවේ ජනාධිපති නිකලොස් මධුරෝ අමෙරිකානු අත්අඩංගුවට ගත් ආකාරය සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරයි.

ඒ අනුව ආරක්ෂිත නිසි සහ විචක්ෂණශීලි බල හුවමාරුවක් කළ හැකි කාලයක් ලැබෙන තුරු අමෙරිකාව විසින් වෙනිසියුලාව පවත්වාගෙන යන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ජනාධිපති මධුරෝ සහ ඔහුගේ බිරිඳ දැන් අමෙරිකානු යුක්තියට මුහුණ දීමට නියමිත බවත් එක්සත් ජනපදයට සහ එහි පුරවැසියන්ට එරෙහිව මාරාන්තික මත්ද්‍රව්‍ය සහ ත්‍රස්තවාදී ව්‍යාපාරය සම්බන්ධයෙන් නිව්යෝර්ක් හීදි අධිචෝදනා ගොනු කර ඇති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

තවද වෙනිසියුලාවට එරෙහිව දෙවන හා ඊටත් වඩා විශාල ප්‍රහාරයක් එල්ල කිරීමට එක්සත් ජනපදය සූදානම් බවත් පළමු ප්‍රහාරයේ සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් දැන් එය එසේ නොවනු ඇති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.