වාහන අංක තහඩු මුද්‍රණය ගැන දැනුම්දීමක්.!

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත වාහන අංක තහඩු මුද්‍රණය කර සැපයීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා ලංසු 04ක් ඉදිරිපත් වී ඇත.

අදාළ ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ලබාදී ඇති නිර්දේශ මත පදනම්ව වසර 05ක කාලසීමාවක් සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත වාහන අංක තහඩු මුද්‍රණය කර සැපයීමේ ප්‍රසම්පාදනය M/s South Asian Technologies (Pvt) Ltd වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.