එළැඹෙන (15) වනදායින් පසුව දිවයින පුරා Govpay හරහා රථ වාහන වැරදි සඳහා වන දඩ ගෙවීමට හැකියාව සලසන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.
නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කළේ,
“(15) වැනිදාට පෙර රට පුරා අවසන් කරනවා. Govpay හරහා Online හරහා දඩ ගෙවිය හැකියි. නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. රස්තියාදු වෙන්න අවශ්‍ය නෑ.
රියදුරන් පොලීසියට මුදල් දෙන්න අවශ්‍ය නෑ. අල්ලස් දීම හා ලබාගැනීම වරදක්. අපරාධ නීතිය යටතේ කටයුතු කරනවා. පොලීසිය ඉදිරියේදී චෝදනාවන්ට ලක්වන එකක් නෑ.”
