ඉරානය යටත් වෙනකම් අමෙරිකාව යුද මෙහෙයුම් පවත්වනවා.!

සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නා තුරුම ඉරානයට එරෙහි යුද මෙහෙයුම් තවදුරටත් පවත්වාගෙන යාම අමෙරිකාවේ අපේක්ෂාව වී ඇති බව එරට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.

මෙවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමේදී එහි අවසානයක් හෝ සීමාවන් පිළිබඳ සතුරු පාර්ශවයට හෝ වෙනත් ආකාරයකට ප්‍රසිද්ධ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.

ජයග්‍රහණය අරමුණු කරගනිමින් අමෙරිකාව වෙනුවෙන් මෙම සටන සිදුකරන බවත් මේ වනවිට ඉරාන නාවික හමුදාව සම්පූර්ණයෙන් පාහේ අවසන් වී ඇති බවද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.

අමෙරිකාව සමඟ සටන් කිරීමට හැකියාවක් නොමැති බවට අවබෝධ කරගත් පසුව ඉරානය යටත් වනු ඇති බවද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.

4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments