By Reporter.lk on (LK time)
නෝර්වේ ඔස්ලෝ අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අසල පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශයේ දොරටුවට අසල මෙම පිපිරීම සිදුව ඇති බවත් පිපිරීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීමට හේතුව හෝ එය පිටුපස සිටින්නේ කුමන පාර්ශ්වයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව ඔස්ලෝ අගනුවර පොලීසිය සඳහන් කරයි.





