ඩුබායි හි සැගවී සිටියදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සහ මුදල් වංචාවක විමර්ශන සදහා අවශ්‍යව සිටි කාන්තාවක් විශේෂ පොලිස් නිලධාරීවරුන් විසින් අද (16) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවේය.
දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අද (16) අලුයම 05.20ට පමණ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවේය.
52 හැවිරිදි රවීන් චමින්ද වීරසිංහ නොහොත් පුංචා නැමති ඇල්පිටිය, ඌරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ කිරිඇල්දෙණියගේ දොන් රසික සංජීව කුමාර නොහොත් චූටි මල්ලී නැමැත්තා කඳාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසු වන්නෙකි.
අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනාම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, කප්පම් ගැනීම, මංකොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන සදහා චෝදනා ලැබූවන් බව පොලීසිය සඳහන් කරයි.
රජයේ මුදල් වංචා කිරීමක් සම්බන්ධ පොලිස් විමර්ශන සදහා අත්‍යාවශ්‍යව සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි නිශාමනි ද සිල්වා නැමැති කාන්තාව කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආවේය.
