උනාකූරුවේ ශාන්තගේ ගෝලයා ලක්ෂ 50ක අයිස් සමග මාට්ටු.!

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උනාකූරුවේ ශාන්ත නැමැත්තා සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙක් කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අලුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේදී සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 50කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් සහ ජාවාරම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ජංගම දුරකථනයක් සොයාගෙන ගෙන ඇත.

අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උනාකූරුවේ ශාන්ත නැමැත්තා විසින් අලුත්මග හා වැලිපැන්න ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකරන බවට ලද තොරතුරක් මත කළුතර අපරාධ කොට්ඨාසය විසින් මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මෙම අයිස් මත්ද්‍රව්‍ය වෙනත් පුද්ගලයෙකුට ලබා දීමට මෙම ස්ථානයේ සිටින්නට ඇති බවට සැක කෙරෙන අතර මෙම සැකකරු අවුරුදු 22ක් වූ ගින්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.