ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමනවා.. ට්‍රම්ප් අනතුරු අඟවයි.!

තමා ඝාතනය කිරීමට ඉරානය උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමනු ඇති බවත් තමන් ඒ සඳහා උපදෙස් ලබාදී තිබෙන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

නිවුස් නේෂන් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කළේය.

තමා ඝාතනය කිරීමට ඉරානය උත්සාහයක් ගතහොත් තෝරාගත් ඉලක්ක වලට පමණක් නොව මුළු ඉරානයටම ඇමෙරිකාව පහර දෙනු ඇතැයිද අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් සඳහන් කළේ,

“කවදා හෝ කුමක් සිදු වුවද, මුළු රටම පුපුරුවා හරිනු ඇත. මම ඔවුන්ට තදින් පහර දෙන්නෙමි. නමුත් මට ඉතා දැඩි උපදෙස් තිබේ.”

“ජනාධිපතිවරයෙකුට ජනාධිපතිවරයෙකු ආරක්ෂා කිරීමට සිදු වේ.”

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments