ට්‍රම්ප් රැගත් යානය උඩුගුවනේදී විදුලි දෝෂයකට ලක්වෙයි.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැගත් Air Force One ගුවන් යානය උඩුගුවනේදී විදුලි දෝෂයකට ලක්ව ඇති බව වාර්තා වේ.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Air Force One ගුවන් යානයෙන් පිටත්ව ඇත.

එම ගුවන් ගමන ආරම්භ කර පැයකටත් අඩු කාලයක් තුළ විදුලි දෝෂයකට ලක්ව ඇති අතර අනතුරුව එම යානය ශාන්ත ඇන්ඩෘස් හමුදා කඳවුර වෙත යළි පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනත් ගුවන් යානයක් භාවිතා කරමින් ස්විට්සර්ලන්තය බලා පිටත් වීමට නියමිත බව අමෙරිකානු බලධාරීන් සඳහන් කරයි.

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments