ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ භූකම්පනයක්.!

අද (31) දින පස්වරුවේ ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ භූකම්පන තත්ත්වයක් හටගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

මැග්නිටියුඩ් ඒකක 3.5ක සුළු භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

මෙම භූ කම්පන තත්ත්වය අසල ගොඩබිමේ සිටින පිරිස් වෙතද දැනී ඇති බවද වාර්තා වේ.