ගිනි අවියක් සහ අත් බෝම්බයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට.!

ගිනි අවියක්, පතුරම් හා අත් බෝම්බයක් සමග සැකකරුවෙකු මාළඹේ, තලාහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කළ වැටලීමකදී T56 ගිනි අවියක්, එම පතරොම් ගැබක්, එම ජීව පතරොම් 10ක් හා විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය වසරේ නොවැම්බර් (14) වැනිදා බොරැල්ලේදී කාන්තාවකට කඩුවකින් පහරදී බරපතල තුවාල සිදුකිරීමේ අපරාධයේ ප්‍රධාන සැකකරු බවද පොලීසිය සඳහන් කරයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 27 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලීසිය සඳහන් කරයි.