සුපිරි චන්ද්‍රයා සහ උල්කාපාත වර්ෂාවක්.!

2026 වසරේ දර්ශනය වීමට නියමිත ප්‍රධාන උල්කාපාත වර්ෂා වලින් එකක් අද (03) සහ හෙට (04) රාත්‍රියේ දර්ශනය වීමට නියමිත බව ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානය සඳහන් කරයි.

හෙට අලුයම 4.00ත් 5.00ත් අතර කාලය තුළ ඊසානදිග අහසේ මෙම උල්කා වර්ෂාව දර්ශනය වනු ඇති බවද ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම මධ්‍යස්ථානයේ සභාපති, කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ,

“දැන් ජනවාරි මාසේ ගත්තොත් විශේෂයි. දැන් මේ සුපිරි හඳක් ගැන අපි කතා කරනවා බොහෝ දෙනෙක්. ඊට අමතරව ජනවාරි තුන, හතර, සෙනසුරාදා, ඉරිදා දවස්වල රාත්‍රී අහස බැලුවොත් ප්‍රධාන උල්කා වර්ෂාවලින් එකක් අපිට දකින්න පුළුවන්.

සාමාන්‍යයෙන් හොඳටම බලාගන්න නම් අලුයම, හතර, පහ, හය වගේ කාලය තුළ හතරයි, පහයි අතර මේ ඊසානදිග පැත්තට තමයි මේ මේවා එනවා අපේ උල්කා සාමාන්‍යයෙන් පැයකට අසූවක් විතර අපි බලාපොරොත්තු වෙනවා.

එතකොට මේක ඇවිල්ලා මේ ධූමකේතුවක හැදුණු කොටස් නෙමෙයි. මේ ග්‍රාහකයින් ආපු කොටස් වශයෙන් තමයි හඳුන්වන්නේ.

ඊළඟට අපි ගත්තොත් එහෙම ජනවාරි තුන තවත් විශේෂත්වයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ අවුරුද්දේ පොහොයවල් දොළහක් නෙමෙයි තියෙන්නේ.

සාමාන්‍යයෙන් මාසෙට එකයිනේ. පෝයවල් දහතුනක් තියෙනවා. මැයි මාසේ දෙකක් තිබෙනවා. එතකොට මේ ජනවාරි මාසේ තියෙන්නේ එක පොහොයයි.

ඒ පොහොය චන්ද්‍රයා අනිත් දිනවලට වැඩිය වැඩියෙන් දීප්තියක් පේනවා. ඒ නිසා බොහෝ අය කියන්නේ සුපිරි චන්ද්‍රයා කියලා.”