By Reporter.lk on (LK time)
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව සැපයීමට අමෙරිකානු නාවික හමුදාව සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
සමුද්‍රීය වෙළෙඳාම සඳහා ගල්ෆ් හරහා ගමන් කරන බලශක්ති නැව් සඳහා දේශපාලන අවදානම් රක්ෂණයක් සහ මූල්‍ය ආරක්ෂක සහතික ලබාදෙන ලෙස එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය සංස්ථාවට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
තවද ගෝලීය බලශක්ති සැපයුම්වල නිදහස් ප්‍රවාහනය වොෂින්ටනය සහතික කරනු ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.





