වෙනිසියුලාවට නොමිලේ අන්තර්ජාල සේවාවන් සැපයීමට ඊලෝන් මස්ක්ගේ Starlink පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සේවාවන් සඳහා වෙනිසියුලානු ජනතාවට නොමිලේ ප්‍රවේශය ලබා දීමට පියවර ගන්නා බව, X සටහනක් තබමින් Starlink සඳහන් කරයි.
Starlink වෙතින් මෙම පියවර ගෙන ඇත්තේ, වෙනිසියුලාව රජයේ දැඩි රෙගුලාසි මෙන්ම රට පුරා විසන්ධි කිරීම් සහ මන්දගාමී අන්තර්ජාල සේවාවක් සම්බන්ධව දිගු ඉතිහාසයක් පවතින පසුබිමක වේ.
