By Reporter.lk on (LK time)
මේ දිනවල දිවයින පුරා ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වාම අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පවතින සුළගේ වේගය අඩු ස්වභාවයක් පෙන්නුම් කිරීම හේතුවෙන් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එනිසා අධික වෙහෙසකින් යුතුව වැඩකටයුතු කරන පුද්ගලයින් තම ශරීර සෞඛ්‍ය පිළිබඳ විමසිලිමත් විය යුතු බවත් වැඩි වශයෙන් ජලය පානය කිරීම සිදුකළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද පාසල් දරුවන් ක්‍රීඩා කටයුතු සඳහා යෙදවීමේදී ගුරුවරුන් ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.





