ශම්මි සිල්වා ඉල්ලා අස්වෙන්න.. ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා අරඹයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්ත පරාජය හමුවේ වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලමින් ක්‍රිකට් ලෝලීන් පිරිසක් අද (01) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරි පිට විරෝධතාවක නිරත විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු සියලු නිලධාරී මණ්ඩලයට වහාම ධුරවලින් ඉල්ලා අස්වී ගෙදර යන ලෙසද විරෝධතාකරුවන් සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය යළි ඇති කිරීමට පාලක මණ්ඩලය අපොහොසත් වී ඇති බවත් ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානියට වත්මන් නිලධාරීන් සෘජුවම වගකිව යුතු බවද විරෝධතාකරුවන් සඳහන් කරයි.

භික්ෂූන් වහන්සේ නමකගේ මූලිකත්වයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර සිවිල් ක්‍රියාකාරීන් සහ ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියේය.

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments