මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.!

මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.

ඒ අනුව මැදපෙරදිග රටවල රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව පහතින්..

කුවේට් රාජ්‍යයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන තුන්ලක්ෂ විසිදෙදාහස් හාරසිය තිස් හතයි.

සෞදි අරාබියේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන දෙලක්ෂ හතලිස්දෙදාහස් පන්සිය අනූ තුනයි.

කටාර් රාජ්‍යයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන දෙලක්ෂ තුන්දහස් එකසිය අසූ දෙකයි.

එක්සත් ආරබි එමිර් රාජ්‍යයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන එක්ලක්ෂ හැත්තෑදහස් හාරසිය හැට අටයි.

ඕමානයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන තිස්හයදාස් අටසිය දොළහයි.

ඊශ්‍රායලයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන විසිහත්දාස් හාරසිය හැත්තෑ දෙකයි.

ජෝර්දානයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන විසිහතරදාස් එකසිය අසූ දෙකයි.

බහරේන් රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන දාහතරදාස් තුන්සිය හැත්තෑ හතරයි.

ලෙබනනයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන හත්දහස් නවසිය විසි පහයි.

ඉරාකයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන හයසිය හතලිස් එකයි.

යේමනයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන 16යි.

ඉරානයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන 10යි.

සිරියාවේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන 07යි.

ඒ අනුව දැනට තිබෙන සංඛ්‍යාලේඛන වලට අනුව මැදපෙරදිග රටවල ආසන්න වශයෙන් ලක්ෂ 10ක පමණ ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැකියාවල නිරත වන බව අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments