වෛද්‍යවරුන් පවත්වන වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කිසිදු සහභාගීත්වයක් නැතැයි රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න සඳහන් කරයි.
රටේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බහුතරය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් බැවින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කිසිම සාමාජිකයෙක් වර්ජනයට සහභාගී නොවන බවද මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවෙන් සැලසුම් කර තිබෙන සේවා ව්‍යවස්ථාවට විරුද්ධව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය කෙරෙන බැවින් ඊට කිසිම සහයක් නොදෙන බවද මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න සඳහන් කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මේ බව සඳහන් කරයි.
