කළුතර නගර මධ්‍යයේ අද (28) සමගි ජන බලවේගයේ ක්‍රියාකාරින් පිරිසක් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පුද්ගලයකුට පහරදුන් කළුතර මහ නගර සභා මන්ත්‍රීවරයෙකු කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයකු සාමකාමී විරෝධයට බාධා කළ බව පවසමින් සමගි ජන බලවේග කළුතර මහ නගර සභා නාගරික මන්ත්‍රී ජයනාත් නවරත්න එම තරුණයාට පහරදී ඇත.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර ඔහු පහරකෑමෙන් පසු කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
