ඇමතිට එරෙහිව සජබ තවත් විශ්වාසභංගයක් ගේනවා.!

සමගි ජන බලවේගය ඒකමතිකව ගත් තීරණයකට අනුව එළඹෙන සතියේදී අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංගය යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සඳහන් කළේ,

“අල්ලස් කොමිසම විසින් ඇමතිට විරුද්ධව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබීම, ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිසි ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත්වීම යන කරුණු 2ක මත ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට පියවර ගන්නවා.”

“සමගි ජන බලවේගය සමග විපක්ෂයේ කටයුතු කරන අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම් සමගත් සාකච්ඡා කරලා වඩා පුළුල් සහයෝගයක් ලබාගන්න අපි කටයුතු කරනවා.”

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments