By Reporter.lk on (LK time)
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නේ නම් මැදපෙරදිග පිහිටි සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත පහර දෙන බවට ඉරානය අනතුරු අඟවා ඇත.
ඒ අනුව දිගින් දිගටම පහරදීමට තීරණය කළ හොත් මැදපෙරදිග සියලුම ආර්ථික මධ්‍යස්ථාන වෙත පහරදීමට කටයුතු කරන බවට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක ජෙනරාල් ඊබ්‍රහිම් ජබ්බාරි සඳහන් කර ඇත.
දැනට හෝමුස් සමුද්‍ර සන්දිය වසා දැමූ බවත් මේ වනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 80 ඉක්මවා ගොස් ඇති බැවින් එය ඉක්මනින් ඩොලර් 200 දක්වා ළඟා විය හැකි බවද ආරක්ෂක ජෙනරාල් ඊබ්‍රහිම් සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මේ වනවිට ඉරානයට එල්ල වී ඇති ප්‍රහාර හමුවේ පුද්ගලයින් 700කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.





