2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් ආරම්භ කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දීමක් කරයි.
ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් හෙට (05) දිනයේ සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පසුගිය දෙසැම්බර් මස (09) වනදා නිකුත් කරනු ලැබු චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
