හිටපු ඇමති සරණ අසරණ වෙයි.. තීන්දුව සූදානම්.!

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම ආයතනයට කුලී පදනම මත වාහන මිලදී ගැනීමේදී රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නඩුවේ පාර්ශවකරුවන් විසින් වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් වු අතර අනතුරුව නඩු හතරක තීන්දුව අප්‍රේල් මස (30) වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් යහපාලන රජය සමයේ සරණ ගුණවර්ධනට එරෙහිව මෙම නඩු ගොනු කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments