මරාගෙන මැරෙන පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගොස් නැති බවට වන කරුණු මේ වනවිට විමර්ශන අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
සාරා ජස්මින් මෙරටින් පලාගොස් ඇති බවට සැක පවතින පසුබිමක ඇය සම්බන්ධයෙන් පවතින විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල අද (07) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරයි.
සාරා ජස්මින් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය වන්නේ නම් විවෘත වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කරන බවත් ඇය ඉන්දියාවේ රැඳී සිටින බවට මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැති වුවද, ඒ පිළිබඳව ගැඹුරු විමර්ශන ක්‍රියාත්මක බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දේශපාලන හෝ වෙනත් කුමන්ත්‍රණයක් පැවතියේද යන්න පිළිබඳව නව රජය යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් එම විමර්ශන වලට බාධාවක් විය හැකි බැවින් ඇතැම් සංවේදී තොරතුරු මේ මොහොතේ පාර්ලිමේන්තුවට හෙළි කළ නොහැකි බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
