රුපියල් කෝටි 86ත් 90ත් අතර මුදලක් විදේශ රැකියා ආයතන විසින් වංචා කර ඇති බැවින් නැවත වරක් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
විදේශ රැකියා ආයතන දෙකක් හේතුවෙන් 640කට වැඩි පිරිසක් අගතියට පත් වී ඇති බවත් එම පිරිසට අවශ්‍ය නීති සහාය මුදල් අය කිරීමකින් තොරව ලබාදෙන බවත් ඔවුන් වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට ඕනෑම අවස්ථාවක තමා පෙනී සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කරයි.
නුගේගොඩ, ගංගොඩවිල උසාවිය අසලදී අගතියට පත් පාර්ශ්වයන් විසින් පැවැත්වු සාමකාමී විරෝධතාවක් හා එක්වෙමින් විපක්ෂ නායකවරයා අද (20) දින මේ බව සඳහන් කරයි.
