By Reporter.lk on (LK time)
පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත් කෙරුණු සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල අද (05) දින සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.
දැනට දරණ තණතුරට අමතරව විශේෂ කාර්ය බළකායට අනුයුක්තව මුලු දිවයිනම ආවර්ණය වන පරිදි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්තඩංගුවට ගැනීම හා සංවිධානාත්මක අපරාධ වැලක්වීමේ ඒකකයේ අධ්යක්ෂවරයා ලෙසද කටයුතු කරනු ඇත.
ප්‍රධාන අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දේශීය සහ අන්තර්ජාතික පොලිස් මෙහෙයුම් රැසක් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල විසින් මෙහෙයවා ඇත.





