ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්යක්ෂවරයා ලෙස පත්කර ඇත.
කෙහෙල් බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, ඉෂාරා සෙව්වන්දි ඇතුළු විදෙස් ගතව සැඟව සිටි සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිසක් පසුගිය කාලසීමාව තුළ මෙරටට රැගෙන ඒමේ මෙහෙයුම්වලට සෘජුව දායකත්වය ලබා දුන්නේ, රොහාන් ඕලුගලයි.
රොහාන් ඕලුගල මේවන විට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටී.
