හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්කළැයි කියන සිද්ධියට අත්අඩංගුවට ගත් රියදුරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව (20) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියෝග කර ඇත.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කලුතර උතුර, ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයෙක් වේ.
පෙරේදා (16) උදෑසන 6.30ට පමණ බියගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් තුවාල ලැබූ අසෝක රන්වලගේ බිරිඳ මේ වනවිට කොළඹ ජාතිත රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇත.
රියදුරු ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයෙකු වන අතර ඔහු කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති සංගීත වැඩසටහනකට සහභාගි වී සිය මිතුරෙකු ඇරලවීම සදහා එමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.
