රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රකාශයක් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සඳහා රජය ගත් පියවරට ප්‍රසාදය පළ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.
ලෝකයේ කිසිදු රටක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වසර 5කින් පසුව විශ්‍රාම වැටුපක් හිමි නොවන බවත් විශ්‍රාම වැටුප් අහෝසි කිරීම විය යුතු දෙයක් බවද හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම, ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතාවට වුණු පොරොන්දු ඉටු කිරීමක් බවද හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.
හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කළේ,
“පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ගරු වෘත්තීයක්. ජනතා සේවයට කැපවෙලා එන වෘත්තීයක්. ඉතින් අවුරුදු පහක් මහජන ඡන්දයෙන් ඇවිල්ලා, විවිධ වරදාන වරප්‍රසාද භුක්ති විදලා කෑම බීම ලබාගෙන, අනෙකුත් සියලු පහසුකම් ගෞරව ලබාගෙන අවුරුදු පහකට පස්සේ විශ්‍රාම වැටුපකුත් තමන්ට ඡන්දය දුන්න ජනතාවගේ බදු මුදලින් අය කරගන්නවා කියන්නේ හොද වැඩක් නෙමේ.”
