රජයට කෝටි ගණනක පාඩුවක් කළ රාජිතට එරෙහි පැමිණිල්ලට දුන් නියෝගය.!

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල අද (30) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින් සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් එහි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල ජූලි (10) නැවත කැඳවීමට දින නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් නියෝග ක‍ළේය.

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments