රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට රුපියල් 4,000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
8%ක වාර්ෂික පොලියක් සහිතව සමාන මාසික කොටස් දහයකින් මෙම අත්තිකාරම් මුදල අය කරගත යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන්.
උත්සව සමය වෙනුවෙන් සෑම වසරකම රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම අත්තිකාරම් මුදල් ලබාදීම සිදුවන අතර රුපියල් 4,000කට නොවැඩි මෙම අත්තිකාරම් ගෙවීම ජනවාරි පළමුවන දිනෙන් ආරම්භ කර පෙබරවාරි මස අවසාන දිනයෙන් අවසන් කළ යුතුයි.
