ජනපති ට්‍රම්ප් තවත් රටවල් දෙකකට අනතුරු අඟවයි.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් රටවල් දෙකකට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

ඒ අනුව අමෙරිකාවට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගලා ඒම තවදුරටත් අඩු නොකළහොත් කොලොම්බියාව සහ මෙක්සිකෝවටද හමුදා ක්‍රියාමාර්ග වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අමෙරිකානු ජනාධිපතිවරයා කොලොම්බියානු ජනාධිපතිවරයාව දැඩිව විවේචනය කරමින් සඳහන් කළේ, කොකේන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර එක්සත් ජනපදයට විකුණන රෝගී මිනිසෙකු කොලොම්බියාව පාලනය කරන බවයි.

ඒ අනුව තවදුරටත් ඔහුට එම කටයුත්ත වැඩි කාලයක් සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බවද අමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍යවේදින් සමග පැවති සාකච්ජාවකදී සඳහන් කරයි.

මෙක්සිකෝ ජනාධිපතිනී ක්ලෝඩියා ෂයින්බෝම්ට සිය රට පාලනය කරගත නොහැකි බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එහි ආධිපත්‍ය දරන බවද ජනාධිපති ට්‍රම්ප් තවදුරටත් සඳහන් කරයි.