By Reporter.lk on (LK time)
ඉරානයට අයත් ‘IRIS Bushehr’ නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බවත් එම නෞකාවේ කාර්ය මණ්ඩලය 208ක් මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු කලාපයන් සහ ගුවන් කලාපය කිසිදු රාජ්‍යයකට ගැටුම්වලදී පක්ෂපාති ආකාරයෙන් භාවිත කිරීමට හෝ වෙනත් රටකට පීඩාවක් ඇතිවන ආකාරයෙන් භාවිත කිරීමට ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී අපේ ස්ථාවරයේ අපේ මධ්‍යස්ථභාවය, අපි අපේ භූමිය, අපේ මුහුදු කාලාපයන්, අපේ ගුවන් කලාපයන් කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාති ආකාරයට හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙනදෙන ආකාරයේ කටයුතු කරන්න ඉඩදෙන්නේ නැහැ.
ඒ තමයි අපේ ස්ථාවරය. ඒ නිසා ගැටුම ආරම්භ වූ මොහොතේම අපි ගනු ලැබූ ක්‍රියාමාර්ග අපි කරනු ලැබූ ප්‍රකාශයන් මේ සියල්ල මේ ස්ථාවරය මත පදනම්ව තමයි අපි කටයුතු කරමින් තිබෙන්නේ. ඒ අනුව තමයි ඉරානයේ නෞකාවන් දෙකක් පිළිබඳව ප්රශ්නය මතුවී තිබෙන්නේ එහිදීත් අපි අනුගමන කරමින් තිබෙන්නේ මධ්‍යස්ථභාවය.
ඒ වගේම ජාතියක් සහ රාජ්‍යයක් ලෙස කිසිසේත්ම මධ්‍යස්ථාභාවය ආරක්ෂාකරන ගමන් මුනුෂත්වය අපි අංක එකට තියෙනවා. ඒ නිසා අපි කිසිසේතම පැකිලෙන්නේ නැහැ මනුෂත්වය ආරක්ෂා කර ගැනීම සඳහා, මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග තිබෙනවානම් ඒ ක්‍රියාමාර්ග ගැනීමට අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ.
මම හිතනවා එය තමයි රාජ්‍යයකට ගතයුතු ඉතාමත් හොඳම ප්‍රතිපත්තිය. අපි ඒ ප්රතිපත්තිවල ඉදගෙන කටයුතු කරනවා. ඒ අනුව තමයි පසුගිය (26) වනදා ඉරාන රජ්‍ය විසින් අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නාවික යාත්‍රා තුනක් අපේ වරායන්ට සේන්දුවීම සඳහා මාර්තු (09) සහ (13) කියන දින අතරතුර අපේ වරායට ප්රවිෂඨවීම සඳහා අපෙන් අවසර ඉල්ලුවා.
ඒක හැඳින්වුයේ සහයෝගීතා වර්ධනය වන සංචාරයක නිරවෙන්නේ ඔවුන් අපෙන් ඉල්ලා සිටියා අපි සොයා බලනකොට ඔවුන් අපේ ජාතික ජල තීරණයේ නමුත් ඉන් ඔබ්බේ තමයි රැඳිලා තිබුණේ එතකොට කවුරුත් දන්නවා සහයෝගීතා සංචාකරයක් ඒ විදිහට සිදුවන්නේ නැහැ. එයට අවශ්‍ය වන විශාල ක්රියාපටිපටිපාටීන් තියෙනවා ඒ නිසා ඒ ක්‍රියා පටිපාටීන් අධ්‍යනය කරමින් හිටියා.
ඒ අතතුරු (27) වනදා අපිට වාර්තාකළා ‘IRIS Bushehr’ නෞකාවේ එක් නාවිකයෙක් නෑවේ යන් ආපදාවකට ලක්වෙලා තියෙනවා කියලා වාර්තා වුණා. ඒ නිසා අපෙන් ඉල්ලා සිටියා එම නාවිකයා සහ නිලධාරීයෙක් මානුෂික අවශ්‍යතාවයන් සඳහා ගොඩබිමට රැගෙන එන්න. අපේ නාවික හමුදාව සහ අපේ ගුවන් හමුදාව මැදිහත්වෙලා එම දෙදෙනා අපි ගොඩබිමට ගෙන ආවා.
ගෙනල්ලා අවශ්‍ය වෛද්‍ය කටයුතු සඳහා යොමු කළා මේ අතරතුර තමයි (04) වනදා අපට වාර්තා වුණා. අපේ ජතකි ජල තීරයෙන් ඔබ්බේ ආසන්න වශයෙන් ගත්තොත් ගාලු වාරයේ සිට මුහුදු සැතපුම් 19ක දුරින් යම් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ලවී ඇති බව එම ප්‍රදේශයෙන් අපිට ආපදා සංඥාවන් නිතුක් කළා. ඒ අනුව අපේ නාවික හමුදාවත්, විශේෂයෙන්ම ගුවන් හමුදාවත් විශාල මෙහෙයුමක නිරත වුණා. ඒ මෙහෙයුම අනුව අපිට 32ක් මුදවා ගැනීමට හැකි වුණා. තව 84ක් මළ සිරුරු අපට ලැබුණා.”





