By Reporter.lk on (LK time)
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, පන්නිපිටිය රැක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහාවිහාරාධිපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමිපාණන් වහන්සේ අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු විය.
මෙහිදී ජනාධිපතිවරයා උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත වූ අතර රජයේ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට උන්වහන්සේ ජනාධිපතිවරයා වෙත සිය ආශිර්වාදය පළ කළහ.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය අතිපූජ්‍ය මාපලගම බුද්ධසිරි ස්වාමීන්වහන්සේද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





