By Reporter.lk on (LK time)
එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇත.
එහිදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෑතකදී සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය කනගාටුව ප්‍රකාශ කර ඇත.
සියලු ආකාරයේ ප්රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය හෙළා දකිමින් ශ්‍රී ලංකාවේ සහයෝගීතාවය එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයට ලබාදෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත.
ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ස්ථිරව සිටින බවත් හැකි ඕනෑම ආකාරයකින් සහාය වීමට සූදානම් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත.
සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.





