පාතාලය, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා රජය වැඩපිලිවෙල රැසක් ක්‍රියාත්මක කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
අනුරාධපුර, ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති අධුනික පොලිස් නිළධාරීන් විසිරයාමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.
එම අවස්ථාවට එක්වෙමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ, මත්ද්‍රව්‍ය වැරදි වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් රැසක් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
තවද මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500ක පමණ පිරිසකට එරෙහිව විනය පියවර ගෙන ඇති බවද පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි.
