වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු.!

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ස්ථාන මාරුකිරීම් සිදුකර ඇත.

නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්.ජී.ජේ. සේරම් ගාල්ල දිසාව සිට බඳවාගැනීම් සහ පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.

නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා ඇත.

ගම්පොළ කොට්ඨාසය භාරව කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ටී.එච්.ඊ.එල්. පෙරේරා කොළඹ උතුර කොට්ඨාසයට මාරුකර යවා ඇත.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ.එන්. ගුණවර්ධන මොනරාගල කොට්ඨාසයේ සිට පොලිස් මූලස්ථානයට මාරුකර යවා ඇත.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බී.ඒ.ආර්. පුෂ්පකුමාර කොළඹ උතුර කොට්ඨාසයේ සිට විශේෂිත ගුවන්තොටුපොළ කොට්ඨාස අධ්‍යක්ෂවරයා ලෙසත් මාරුකර යවා ඇත.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. ඒ. උදය කුමාර කළුතර කොට්ඨාස භාර නිලධාරියා ලෙස මාරුකර යවා ඇත.

පොලිස් මූලස්ථානයේ අතිරේක මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ඩබ්. එම්. එස්. බී. වික්‍රමසිංහ මොනරාගල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලෙස මාරුකර යවා ඇත.

මහනුවර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ පී.ඩී. ඉලංගකෝන් ගම්පොළ කොට්ඨාසයට මාරුකර යවා ඇත.