පොහොට්ටුවේ මැයි රැළිය නෑ.. වෙනත් දිනයක පවත්වනවා.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය එළඹෙන මැයි (01) වනදා නොපැවැත්වීමට තීරණය කළ බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කරයි.

එනිසා මැයි මාසයේ වෙනත් දිනයක කම්කරු අයිතිය වෙනුවෙන් දැවැන්ත මැයි රැළියක් පැවැත්වීමට තීරණය කළ බවද නීතිඥ සාගර කාරියවසම් සඳහන් කරයි.

මැයි (01) වැනිදා පොහොය දිනය යෙදී ඇති බවත් බොහෝ ස්වාමීන් වහන්සේලා එම පොහොය දිනය වෙසක් පොහොය ලෙස සලකන බවද නීතිඥ සාගර කාරියවසම් සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments