හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය පිළිබඳ ගැටලුව මුල් කර ගනිමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට අදාළ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් පවත්වා ඇත.
ඒ අනුව අද (07) දිනයේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම ආරම්භ කරන බවත් මේ සතිය තුළ එම යෝජනාව කතානායකවරයාට බාර දීමට කටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සඳහන් කරයි.
