ප්ලාස්ටික් නිෂ්පාදන.. දඩය මිලියනයක් දක්වා ඉහළට.?

ප්ලාස්ටික් නිෂ්පාදකයින්ට එරෙහි දඩය රුපියල් මිලියනයක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇත.

ඒ අනුව ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පනවන දඩ මුදල් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කරයි.

සංශෝධිත පරිසර පනත් කෙටුම්පතින් ඊට අදාළ රෙගුලාසි පනවා ඇති බවත් මේ වන විට ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් සම්බන්ධව පනවන දඩ මුදල රුපියල් දස දහසක් බවද නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කරයි.