නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන් රජයෙන් රුපියල් ලක්ෂ 50ක් ලබාදෙන බවත් එය වාරික 03කින් ලබාදීම සිදු කරන බව අනුරාධපුර දිස්ත්රික් ලේකම් රංජිත් විමලසූරිය සඳහන් කරයි.
මුල් වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20ක් සහ දෙවන වාරිකය ලෙස රුපියල් ලක්ෂ 15ක් සහ තවත් ලක්ෂ 15ක් වශයෙන් මෙම මුදල් ලබාදීම සිදුවෙන බව අනුරාධපුර දිස්ත්රික් ලේකම් රංජිත් විමලසූරිය සඳහන් කරයි.
අනුරාධපුර දිස්ත්රික් ලේකම් රංජිත් විමලසූරිය සඳහන් කළේ,
“නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් ලබාදීම සිදු වෙනවා. එය වාරික 03කින් ලබා දීම සිදු කෙරෙන අතර අද ලබා දෙන්නේ එහි මුල් වාරිකයයි.
මුල් වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20ක් සහ දෙවන වාරිකය ලෙස රුපියල් ලක්ෂ 15ක් සහ තවත් ලක්ෂ 15ක් වශයෙන් මෙම මුදල් ලබාදීම සිදු වෙනවා. ඒ නිසා කිසිදු සැකයක් ඇති කර ගන්න එපා.
මෙම සෑම අවස්ථාවකම ලබා දෙන මුදල් එම කාර්යය සඳහා භාවිතා කරනවාද කියා අධීක්ෂණය කිරීම සිදු කෙරෙනවා. ඒ නිසා මේ ලබා දෙන මුදලින් නිසි ප්රතිලාභය ලබා ගන්නා ලෙස මම ප්රතිලාභින්ගෙන් ඉල්ලා සිටිනවා.”
