පාස්කු විමර්ශන ආරම්භ කිරීම වැඩක් නෑ.. පරණ විමර්ශන තියෙනවා.!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව යළිත් විමර්ශන පැවැත්වීම රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන වාර්තා රැසක් පවතින බවත් ජාත්‍යන්තර පරීක්ෂණ ආයතන පවා මේ පිළිබඳව සිය නිගමන ලබාදී ඇති බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

අමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය (FBI) මෙන්ම බ්‍රිතාන්‍ය බුද්ධි අංශ පවා මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් කළ යුතු දෙයක් නොමැති බවට ප්‍රකාශ කර ඇති පසුබිමක නැවතත් පරීක්ෂණ පැවැත්වීම පලක් නැති ක්‍රියාවක් බවද රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කරයි.

6 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments