රටේ ඇතැම් මාධ්‍යවල පළවන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.
“පාර්ලිමේන්තු පරිශ්‍රයේ මත්ද්‍රව්‍ය, මත්පැන් සහ සිගරට් පාවිච්චි කරන සේවකයන් පිරිසක් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තීරණය කර ඇත” යන මැයෙන් පළවන පුවත අසත්‍ය පුවතක් බව පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
අදාළ අසත්‍ය පුවත කිසිදු පදනමකින් තොරව පලකර ඇති බවට කථානායකවරයා දැනුම් දී ඇති බවද පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය අවධාරණය කරයි.
කථානායකවරයා කිසිදු අවස්ථාවක එවැනි සේවක පිරිස් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කිසිදු නිලධාරියෙක්ට උපදෙසක් ලබාදී නොමැති බවද පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය අවධාරණය කරයි.
මෙවැනි තත්ත්වයන් වර්ධනය වීමට ඉඩදීම සම්බන්ධව කථානායකවරයා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දෝෂාරෝපණය කර ඇතැයිද පළවන වාර්තා වලද කිසිදු සත්‍යතාවක් හා පදනමක් නොමැති බවද මහලේකම් කාර්යාලය අවධාරණය කරයි.
