නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව රැස්වෙයි.!

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් 2026 වසර සඳහා පළමුවරට පාර්ලිමේන්තුව අද (06) රැස්වීම නියමිතව ඇත.

අද දිනයේදී ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ වන නියෝග සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිතය. 

ඊට අමතරව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පසුගිය දෙසැම්බර් (28) වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශනයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතව ඇත.

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments