මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි.. යැපෙන 182කගේ පැන්ෂන් එකත් කපයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම නතර කරනු ලැබූ පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ නියමය පරිදි ගැසට් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රි විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත යනුවෙන් නම්කර ඇති නව පනත මගින් ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත අහෝසි වනු ඇත.

මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත සම්මත වීමෙන් පසු එම විශ්‍රාම වැටුප අහිමි වන පිරිස අතර හිටපු මන්ත්‍රීවරුන්ගේ (බිරිඳ හෝ සැමියන්) 182ක් සිටින බව වාර්තා වේ.

මෙම විශ්‍රාම වැටුප අහිමිවන පිරිස අතර රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වුණු 50කට ආසන්න පිරිසක් සිටින බවද වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව හිටපු මන්ත්‍රීවරුන් 20කට ආසන්න පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබන සතියේදී පෙත්සම් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments