By Reporter.lk on (LK time)
මේ දිනවල මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සීඝ්රයෙන් ඉහළ යන තෙල් මිල පාලනය කිරීම සඳහා සිය උපායමාර්ගික තෙල් සංචිත මුදා හැරීමට G7 රටවල් එකඟතාව පළ කර ඇත.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඉතිහාසයේ වාර්තා වන විශාලතම තෙල් සංචිත ප්‍රමාණය වෙළඳපොළට මුදා හැරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය තෙල් බැරල් මිලියන 300ක්, 400ක් දක්වා ප්‍රමාණයක් මුදාහැරීමට සැලසුම් කර ඇති බව වාර්තා වන අතර පසුගිය 2022 වසරේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ අවස්ථාවේ මුදා හැරි තෙල් ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකි.
කෙසේ වෙතත් බලශක්ති විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම පියවර කෙටිකාලීන විසඳුමක් පමණක් වනු ඇති බවයි.





