කාන්තාවන් රාත්‍රී කාලයේ සේවයේ යෙදවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි.!

කාන්තාවන් රාත්‍රී කාලයේ සේවයේ ‍යෙදවීමට අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

සාප්පු සහ කාර්යාලීය සේවකයින් පිළිබද පනතට සංශෝධනයක් සිදුකරමින් කම්කරු අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් මෙම අවසරය ලබාදී ඇති බව වාර්තා වේ.

1974 මැයි (10) වැනි දින අංක 111 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය මගින් සංශෝධිත, 1954 ඔක්තෝබර් මස 15 වැනි දින අංක 10724 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රයේ පළ කරන ලද 1954 සාප්පු සහ කර්‌යාලයීය සේවක (සේවය හා චේතන විධිමත් කිරීමේ) නියෝගවල 3 වන නියෝගය, එම නියෝගයේ “හෝ කාන්තා වැසිකිළි සේවිකාවක් වශයෙන් අවුරුදු දහ අටට එළඹ සිටින කවර ස්ත්‍රියක් වුවද පෙරවරු හයට හෝ පස්වරු හයෙන් පසුව සේවයෙහි යෙදවිය හැකිය” යන වචන වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ.

“කාන්තා සනීපාරක්ෂක සේවිකාවක් හෝ ආහාර පාන පිළිගන්වන සේවිකාවක් වශයෙන් අවුරුදු දහ අටට එළඹ සිටින කවර ස්ත්‍රියක් වුවද පස්වරු හයට පසු හෝ පසුදා පෙරවරු හයට පෙර සේවයෙහි යෙදවිය හැකිය.”

එසේ වුවද, මෙම නියෝගය යටතේ සේවයේ නියුක්ත කරවන ලද යම් ස්ත්‍රියකගේ සේවා මුරය පස්වරු හයත් පසුදා පෙරවරු හයත් අතර වේලාවකදී අවසන්වන අවස්ථාවකදී, එකී සේවා මුරය අවසන් වූ අවස්ථාවේ සිට පෙරවරු හය දක්වා එම ස්ත්‍රියට සුදුසු නවාතැනක් සැපයීම හෝ එම ස්ත්‍රියගේ සුපුරුදු වාසස්ථානය වෙත ප්‍රවාහන පහසුකම් සැපයීම ඇතුළුව එම ස්ත්‍රියගේ සෞඛ්‍යාරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් සේවා යෝජකයා වගකිය යුතු වන්නේය.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments