2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක සහ ලෝකයේම අවධානය දිනාගත් තරගය අද (15) කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
ඉන්දියා – පාකිස්තාන තරගය ලෝකයේ විශාල පිරිසක් නරඹන තරගය වන අතර මේ වනවිටත් මෙම තරගයේ සියලුම ප්‍රවේශපත්‍ර විකිණී අවසන්.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘A’ කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද රාත්‍රී 7.00ට ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත.
මෙම තරගය නැරඹීම සඳහා ලොව පුරා විවිධ රට වලින් නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ ප්‍රේක්ෂකයින් මෙරටට පැමිණ ඇත.
ලෝකයම බලාසිටින තරගය අදයි.!
