2026 වසරේ නව ඖෂධ 10ක් වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සඳහන් කරයි.
මේ වන විට ඖෂධ වර්ග 70ක් නිෂ්පාදනය කරන බව රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ජයන්ත විජයබණ්ඩාර සඳහන් කරයි.
රත්මලාන රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්රයට නුදුරින් ඉදිවෙමින් පවතින මහල් දෙකකින් යුත් ඖෂධ ගබඩා සංකීර්ණය ලබන මාර්තු මාසයේ විවෘත කිරීමට සැලසුම් කර ඇත.
තවද හොරණ මිල්ලෑව ප්රදේශයේ ඖෂධ ගබඩා සංකීර්ණයක් සහ ඖෂධ නිෂ්පාදන සහ ඇසුරුම් සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.
