විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දිලිසෙමින් ඔබට පෙනෙන්නට නැත්තේ විපක්ෂයේ භූමිකාව නාමල් රාජපක්ෂ ලස්සනට කරන නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සඳහන් කරයි.
හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සඳහන් කළේ,
“සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාව ඒ තරම් දිලිසෙමින් ඔබට නොපෙනෙන්නේ, නාමල් රාජපක්ෂ තමන්ගේ විපක්ෂ දේශපාලන භූමිකාව හරි ලස්සනට කරන නිසා. ඒක තමයි ඒකට හේතුව.
මම කියන්න උත්සාහ කළේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ දේශපාලන කාර්ය භාරය දැඩිව මතුවෙලා, දිලිසිලා පේන්නේ නැති හේතුව තමයි නාමල් රාජපක්ෂ දේශපාලනිකව විපක්ෂ දේශපාලනය ජාතික දේශපාලන කාර්යභාරය ඇතුලේ ඊට වඩා බොහෝ සෙයින් ඉස්සරහින් ඉන්න නිසා.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මේ බව සඳහන් කරයි.
